දම්මික පෙරේරාගේ වීඩියෝ එකක් මෑතකදී දුටුවෙමි. එය
යුටියුබ් එකේ දෙරණ නාලිකාවේ පල කර තිබුනි. ඔහු ඉතා දක්ෂයෙක් බව පෙනේ. පහලින් දැමු
කෙමෙන්ටද බැලුවෙමි. ඔහු ඊලඟ ජනපති කරමු කියා බොහෝ අය පළ කර ඇත. දම්මික සතුව ඇත්තේ
කොම්පැනි 200ක් පමණි. ඇත්තටම එවැනි දැනුමක් ඇති අයෙක් ජනපති කරන්න බොහෝ අය කැමතියි.
මේ සාවිසාල දැනුමක් කොම්පැනි 200ක් පාලනය කිරීමට අවශ්‍ය නම්, රටක් පාලනය සඳහා
ඊට වඩා කොපමණ දැනුමක් අවශ්‍ය වෙයිද? රටක පුද්ගලික අංශය මෙන්ම රජ්‍ය අංශයක්ද
ඇත. එසේ නම් මෙයිට වඩා කොපමණ විශාල දැනුමක් අවශ්‍ය වෙයිද? ඉතා විශාල දැනුමක් අවශ්‍යයි.
දැනුමට වඩා we need policy making.
ප්‍රතිපත්ති සැකසීම අවශ්‍යයි. ඇමරිකා එකසත් ජනපදය, සිංගප්පුරුව, මැලේසියාව
වගේ රටවල් දියුණු වුනේ දියුණු ප්‍රතිපත්ති තිබුණු නිසයි. අනාගතය ගැන හිතපු නිසයි.
මැලේසියව 2015 දී 2025 ව්‍යපෘතිය කිය වැඩසටහනක් හදුන්වා දුන්නා. 2015 දී ඒ අය
හිතලා ඉවරයි 2025දී වෙන්න යන දේ. අන්න ඒකයි රටක් පාලනය කරනවා කියන්නේ. දැනුමට වඩා
අවශ්‍ය වන්නේ ක්‍රමඋපයන් හා සැලසුම් වේ.
එමෙන්ම දම්මික ආර්ටිෆිෂල් ඉන්ටර්ලිජන්ස් පොඩ්ඩක් අනාගෙන
ඉන්නේ. එයා කථා කරපු සබ්ජේක්ට්ස් 2කම ඩෙටා ඇනලසිස් පාර්ට් එකක්. ඒක බොහෝම ප්‍රබල
අවියක් නමුත් ඒඅයි නෙමේ. ඉස්පිරිතාල හා බොට්ටු යන කරනා දෙකේදීම එයා කලේ ඩෙටා ටික
ඇනලයිස් කරලා ඒ රිසල්ට්ස් උඩ තිරණ ගන්න එක. ආර්ටි ෆිෂල් ඉන්ටර්ලිජන්ස් නැත්නම්
කෘතිම බුද්ධිය (කෘබු) කියන්නේ එතනින් එහාට ගිය ඩීප් සබ්ජෙක්ට් එකක්. දම්මික
සමාජයේ ඩෙටා ටිකත් ඇනලයිස් කරලයි ඉන්නේ. එයා දන්නවා දැන් මිනිස්සු තුල ඊලඟ
ජනාධිපති ගැන කුතුහලයක් තියෙනවා කියලා. ඒක දෙරණ එක්ක එකතු වෙලා එයා රිසර්ච් එකකින්
හොයාගන්න ඇති. මීට ටික කාලෙකට කලින් චැනල් 4 කියන එකෙන් ඇනලිටිකා කියලා කම්පණි
එකක් ගැන ගවේෂන ජනමාධ්‍ය වැඩසටහනක් කලා. ඒ ආයතනය කළේ ඇමරිකාවේ ෆේස් බුක් හිමියන්ගේ
තොරතුරු අරගෙන ඒ අයගේ මතය (එක් එක් කෙනාගේ මතය ) හොයාගෙන ඒකට එකඟව ට්‍රම්ප්ව
මාර්කට් කරපු එක. දම්මික හා දෙරණ කරන්නේ මේ ඒ දෙයද? මතුපිටින් සත්‍ය අසත්‍යක්
විය හැක.
මම උඩ කෘබු ගැන කිව්වේ නෑනේ. කෘබු කියන්නේ
මොකක්ද? කෘතිම බුද්ධිය කියන්නේ තම වටපිටාවට සංවේදී තාවයක් දක්වන යන්ත්‍ර වලටයි.
උදාහරණයකට තමා විසින්ම පදවගෙන යන වහනයක්, ඩ්‍රරයිවර් කෙනෙක් නොමැතිව මෙය ගමන් කරන
අතර ඉදිරියෙන් පැමිණෙන වාහනයට ඉඩ දීම හා මිනිසෙකු පදනවනවා හා සමානව එය පදවන ලබයි.
ඔය දම්මික බොට්ටු සීන් එකේ සහ ඉස්පිරිතාල සීන් එකේ කලේ ඒ අයි වල එක පාර්ට් එකක්
ඩෙටා ඇනලයිස් කිරීම. නැත්නම් දත්ත පිළිවලකට සකස් කිරීම. ඔක ඒඅයි වලින් කලොත්
රෝගීන් ඇතුලත් කරීමේ කාර්යය කරනු ලබන්නේ යන්ත්‍රයක් විසිනුයි. මිනිසුන් අවශ්‍ය වන්නේ
නැත. බොට්ටු එකේත් ඒඅයි වලින් කරනවා නම් බොට්ටුව පදවන්නකු නැතුව ගොස් මාළුන්ගේ
පිටවන සංඥ හා මාළු අයින් පිළිබඳ පැරණි දත්ත විශ්ලේෂණය කර ඉබේම මාළු අල්ලාගෙන
පැමිණිය යුතුයි. කෘබු නැත්නම් ආර්ටිෆිෂල් ඉන්ටර්ලිජන්ස් කියන්නේ ඉතාම ගැඹුරු විශයක්.
ඒ අනුව ඔහු එතැනම ෆේල් නේද? ඒ නිසා දන්න දෙයක් කථා කරන්න. ඔයා දක්ෂයෙක් නමුත් නොදන්න දේවල් කථා කරන්න එපා.
Comments
Post a Comment